Pages

Friday, April 5, 2013

මොකක්ද මේ රූට් කරනවා කියන්නේ?


ඇන්ඩ්රොයිඩ් උපාංගයක් ඔබත් භාවිතා කරනවනම් මේ වචනය ඔබට හුරුපුරුදු ඇතිඒත් ලංකාවෙ ගොඩක් අයට  පිළිබද හරි අවබෝධයක් නෑ කියලා  තේරෙන්නේ මේ ගැන ෆෝරම් වල ෆේස්බුක් ගෘප් වල අහන නිසාවැටහීමක් ගන්න සිංහලෙන්ම කියන්නම් එහෙනම්.
පොඩ්ඩක් මෙහෙම හිතන්න..පොඩිකාලේ මතක් කළොත් ඔයාගේ පවුලේ තව නංගිලා , මල්ලිලා හිටියා නම් ඔයා පවුලේ වැඩිමලා නම් ..මොකද කළෙ ? අනිවාර්යෙන්ම චණ්ඩියා ඔයානේ … කියන්නේ නංගිලාගේ , මල්ලිලාව පාලනය කරන ඒවා කරන්නේහරි  පොඩි උදාහරණයක්..අන්න  වගේ තමා රූට් කරන එකත්.. කියන්නේ ‍ඇන්ඩ්රොයිඩ් උපාංගයේ බලය (administrative access) අපේ අතට ගන්න එකඒත් ඔයාට හිතෙන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් උපාංගය ඔයාගෙ නිසා මොන administrative access  තව කියලානෑ මෙහෙමයි ඇන්ඩ්රොයිඩ් කියන්නේ open source මෙහෙයුම් පද්ධතියක් නිසා ඔයාට රූට් ඇක්සස් එක හිමිවෙලා නෑ..ඇන්ඩ්රොයිඩ් උපාංගයේ administrative access එක ලබාගැනීම තමා අපි සරලවම රූට් කරනවා යනුවෙන් හදුන්වන්නේ..එමගින් ඔබට ඇන්ඩ්රොයිඩ් උපාංගයේ ‍පෙර නොකළ හැකි බොහෝ දේ කිරීමට පුලුවන්.
ඇන්ඩ්රොයිඩ් උපාංගයක් රූට් කළ යුතු ?
ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන්නන් රූට් කිරීමට යොමුවෙන්නේ තම ෆෝන් එකට හෝ ටැබ්ලට් එකට ලැබෙන නිදහස හා පාලනය කියන කරුණු ගැන හිතලාරූට් කිරීම තුලින් ඇන්ඩ්රොයිඩ් උපාංගයෙහි සම්පූර්ණ පාලනය ඔබ සතු කරගැනීමට හැකිවෙනවාරූට් කිරීමේ වාසි සදහන් කලොත්
*කාර්යක්ෂතමතාව වර්ධනය වීම

*System Files ෆයිල් සදහා බලපෑම් කිරීමට

අලුත් තීම්ස් එකතු කිරීමට මෙන්ම maps,  clock යනාදිය එඩිට් කිරීමට , boot images ආදිය මාරු කිරීමට  මෙමගින් පුලුවන් වෙනවා.

*බොහෝ ඇප්ලිකේෂන් උදෙසා අවස්ථාව

ඇතැම් ඇන්ඩ්රොයිඩ් ඇප්ලිකේෂන්ස් රූට් කළ ඇන්ඩ්රොයිඩ් උපාංග උදෙසාම පමණක් සකස්ව තිබෙනවාඋදාහරණයක් ලෙස ෆෝන් එකෙහි ස්ක්රීන් ෂොට් එකක් ලබාගැනීමට  වගේම ලංකාවේ අපිට නම් සිංහල ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගැනිමට වගේ ගොඩක් වාසි මෙමගින් අතවෙනවා.
SD CARD උදෙසා ඇප්ලිකේෂන් සථාපිත කිරීමේ අවස්ථාව

බොහෝ අවස්ථා වලදි ඇන්ඩ්රොයිඩ් පරිශිලකයන්ට එන ගැටලුවක් වෙන්නේ ඇප්ලිකේෂන් ෆොන් මෙමරි එක උදෙසා පමණක් ස්ථාපිත කිරීම  සිදුවීමයිඑහෙත් බොහෝ උපාංග වල අභ්යන්තර මතකය එහෙමත් ෆොන් මෙමරි එකෙහි ප්රමාණය ඉතාම අඩුයිහිතේ හැටිය ඇන්ඩ්රොයිඩ් ඇප්ලිකේෂන් විශාල ප්රමාණයක් ස්ථාපිත කරන්න නොහැකිවෙනවාඑහෙත් රූට් කිරීමෙන් පසු සියලුම ඇප්ලිකේෂන්  SD CARD  එකෙහි ඉන්ස්ටෝල් (ස්ථාපිතකිරීමට පුලුවන්.

* නවතම ඇන්ඩ්රෙයිඩ් මෙහෙයුම් පද්ධති

සමහර විට ඔබේ ජංගම දුරකතනයේ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය 2.1 වෙන්න ඇතිනිල වශයෙන් යාවත්කාලින කම් ලබාගන්න බැරිනම් දකෙන් ඇති ? හරි ‍ඒකට පොඩි විසදුමක් තමා රූට් කලාම වෙන්නේ. custom-tailored ROMs භාවිතයෙන් දැනට පවතින හෝ අනාගතයේ එන ඇන්ඩ්රෙයිඩ් මෙහෙයුම් පද්ධතියක් ඔබට ඉන්ස්ටෝල් කිරීමේ වාසියක් රූට් කිරීමෙන් අත්වෙනවා.

*රූට් කිරීමේ හානිකර පැතිකඩ

ප්රධාන හානිකර පැතිකඩ වන්නේ රූට් කලායින් පසු ඔබේ ඇන්ඩ්රොයිඩ් උපාංගයේ වගකීම් සහතිකය නැතිවෙනවාඅලුත ගත්තු ෆෝන එකක් වගේ නම් මේ තත්ත්වය ටිකක් බරපතලයිඊට අමතරව විශාල හානිකර පැතිඩ අඩුයිඇතැම් විට ඔබ රූට් කරන අතරතුර ගැටලු එන්න පුලුවන් , ඒත්  බොහොමයක් විසදාගත හැකි ඒවා.

No comments:

Post a Comment