LastPass 
 
සරල මුරපද භාවිතා කිරීම තුලින් පිටස්තර පුද්ගලයන්ට ඔබේ මුරපදය පහසුවෙන්ම අනුමාන කරන්නත් ඒ හරහා ඔබේ ගිණුම්වලට පිවිසෙන්නත් පුළුවන්. එකම මුරපදය හැමවිටම භාවිතා කිරීමත් ආරක්ෂාකාරී නෑ. නමුත් සංකීර්ණ මුරපද ගණනාවක් මතකයේ තබා ගැනීමත් ප්‍රායෝගික වන්නේ නෑ. එහෙනම් මේ සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් ගැන අද අපි සොයා බලමු.
Mozilla Firefox, Internet Explorer, Google Chrome. Opera වැනි වෙබ් බ්‍රවුසර් වල ඇති මුරපද මතක තබා ගැනීමේ පහසුකම ඔබ දැනටමත් භාවිත කරනවා ඇති. මේ මගින් මුරපද මතක තබා ගැනීමේ කරදරයෙන් යම්තාක් දුරකට මිදෙන්න හැකි උනත් මෙය පරිපූර්ණ වූ විසඳුමක් ලෙස සලකන්න බෑ. නමුත් ඔබට නොමිලේ ලබාගත හැකි LastPass මෘදුකාංගය මුරපද මතක තබා ගැනීමේ කරදරයෙන් ඔබව මුදවා ගන්නා අතරම තවත් පහසුකම් රැසක්ද ලබාදෙනවා.
LastPass කියන්නේ මුරපද කළමනාකරණය (Password Management) කිරීමේ මෘදුකාංගයක්. මෙය භාවිතා කිරීමට Windows (2000/XP/Vista/7), MAC OS X (10.5+) හෝ Linux යන මෙහෙයුම් පද්ධති වලින් එකක් ඔබේ පරිගණකයේ තිබිය යුතුයි. LastPass මෘදුකාංගය Mozilla Firefox, Internet Explorer, Google Chrome, Opera හා Safari යන වෙබ් බ්‍රවුසර් සඳහා සහය දක්වනවා . මෙම ලිපියේ අග ඇති link එක භාවිතා කර ඔබට LastPass download කරගන්න පුළුවන්. LastPass install කිරීමේදී පහත වීඩියෝ දර්ශනයේ දැක්වෙන පියවර අනුගමනය කරන්න.
Installation එක අතරතුරදී ඔබ නව LastPass ගිණුමක් ආරම්භ කල යුතුයි. මේ ගිණුම සඳහා ඔබ ලබාදෙන මුරපදය LastPass Master Password එක ලෙස හැදින්වේ. LastPass භාවිත කරන ඔබ මතක තබාගතයුතු එකම මුරපදය මෙය වන අතර ඔබේ ගිණුමේ save කර ඇති සියලු මුරපද පිලිබඳ තොරතුරු ලබාගැනීමට මෙය අවශ්‍ය වේ. එමනිසා මෙම මුරපදය ඔබට මතකතබාගත හැකි අකුරු 8 ක වත් දිග එකක් විය යුතුයි. මුරපදයේ දිග වැඩිවන තරමට එය වඩාත් ආරක්ෂාකාරී වේ.
LastPass install කිරීමෙන් පසු ඔබ අනුගමනය කලයුතු පියවරයන් පහත වීඩියෝ දර්ශනයේ දැක්වේ. මෙහිදී ඔබ මුලින්ම කල යුත්තේ ඔබේ වෙබ් බ්‍රවුසරයේ දකුණු පස ඉහල කෙලවරේ ඇති LastPass icon (LastPass Icon) එක මත click කිරීමයි. ඉන්පසු ඔබේ ඊමේල් ලිපිනය හා මුරපදය ලබාදෙන්න. නිවැරදි ඊමේල් ලිපිනය හා මුරපදය ලබාදුන්විට මෙතෙක්වෙලා අළු පැහැයෙන් තිබු LastPass icon එක රතුපැහැති වේ. දැන් ඔබ වෙබ් අඩවියකට ඔබේ පරිශීලක නාමය (username) හා මුරපදය (password) ලබාදෙන විට එම දත්ත මතක තබා ගත යුතුදැයි LastPass ඔබෙන් විමසයි. එම වෙබ් අඩවිය ඔබේ LastPass ගිණුමේ save කලවිට නැවත නැවතත් ඔබට එම වෙබ් අඩවිය සඳහා පරිශීලක නාමය (username) හා මුරපදය (password) ලබාදීමට අවශ්‍ය නොවේ. පහත වීඩියෝ දර්ශනය නැරඹීමෙන් මෙය වඩාත් හොදින් ඔබට පැහැදිලි වෙනු ඇත. මේ අපුරු මෘදුකාංගය ගැන මෙන්ම එහි ඇති පහසුකම් ගැන වැඩිදුර විස්තර පහත දක්වා ඇති වෙබ් පිටුවෙන් දැන ගන්න පුළුවන්.