අපේ රටේ අන්තර්ජාල සබඳතාවයන්ගේ වේගය ගැන බොහෝ දෙනා මැසිවිලි නඟනවා. බොහෝ දෙනා කියන්නේ තමන්ට අන්තර්ජාල සේවා සපයන සමාගම් පොරොන්දු වූ වේගයට වඩා අඩු වේගයක් ලැබෙන බව. එමනිසා මෙම ලිපියෙන් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගය පරීක්ෂා කරන ආකාරයයි.
speedtest.net
කියන්නේ ඕනෙම කෙනෙකුට නොමිලේ තමන්ගේ අන්තර්ජාල සබඳතාවයේ වේගය පරීක්ෂා කරන්න
පුළුවන් වෙබ් අඩවියක්. මෙම වෙබ් අඩවියට පිවිසුන විට ඔබට සිතියමක් දිස්වෙන
අතර මෙය ඔබ සිටින රට අනුව වෙනස් වෙනවා. මෙහි නිල් පාටින් විවිධ රටවල්වල
තිබෙන පරිගණක පෙන්වන අතර මේ ඕනෙම පරිගණකයක් භාවිතා කර ඔබට අන්තර්ජාල වේගය
පරීක්ෂා කරන්න පුළුවන්. මෙහි කහ පාටින් පෙන්වන පරිගණකය භාවිතා කර ඔබට වඩාත්
හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
මේ ඕනෙම පරිගණකයක් මත click කරලා ඔබට වේග පරීක්‍ෂණය ආරම්භ කරන්න පුළුවන්. නැත්නම්
මත click කරලත් වේගය පරීක්ෂා කරන්න පුළුවන්. මිනිත්තු කීපයකින් ප්‍රතිපලය පහත රූපයේ ආකාරයට පෙන්වනවා.
ඔබට අවශ්‍යනම් මෙම පරීක්‍ෂණය කිහිපවාරයක්
සිදුකරමින් ලැබෙන ප්‍රතිපලයන් සංසන්දනය කරන්නත් පුළුවන්. පරීක්‍ෂණ කාලය
අතරතුර ඔබේ අන්තර්ජාල සම්බන්දතාවය වෙනත් කටයුතු සදහා භාවිතා නොකර මේ
පරීක්‍ෂණය සඳහාම වෙන් කිරීමෙන් ඔබට වඩාත් නිවැරදි ප්‍රතිපල ලබාගන්න
පුළුවන්.
ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගය මෙතනින් පරීක්‍ෂා කරන්න!
No comments:
Post a Comment