පසුගිය ලිපියෙන් මම Dropbox ගැන කතා කලා
ඔයගොල්ලන්ට මතක ඇති. Dropbox හා කරට කර තරග කල හැකි අලුත් මෘදුකාංගයක
පර්යේෂණ සංස්කරණය (beta version) ගිය සතියේ නිකුත්වුනා. මේකේ නම තමයි Cloud
Experience හෙවත් CX. CX හි විශේෂත්වය තමයි 10GB ඉඩ ප්‍රමාණයක් නොමිලේ ලබා
දීම.
මේ මෘදුකාංග දෙකෙන්ම
එකම ආකාරයක සේවාවන් ලබා දුන්නත් Dropbox ට වඩා CX ඉදිරියෙන් ඉන්න බව පේනවා.
ඔබ දැනටමත් Dropbox භාවිතා කරනවනම් CX ගැන ඔබට අමුතුවෙන් ඉගෙනගන්න
අවශ්‍යවෙන්නෙ නෑ. www.cx.com වෙබ් අඩවියට ගිහින් ඔබට ගිණුමක් ආරම්භ කරන්න
පුළුවන්. ඊටපස්සේ CX මෘදුකාංගය ඔබේ පරිගණකයේ install කරගෙන data backup,
share, synchronize කරගන්න පුළුවන්. මම කලින් ලිපියේ Dropbox ගැන විස්තර
කරපු බොහෝ කරුණු CX වලදීත් ඒ ආකාරයෙන්ම භාවිතා වෙනවා. ඒ නිසා CX සමග වැඩ
කරන එක ඔබට අපහසු වෙන එකක් නෑ.
No comments:
Post a Comment