ඔබේ පරිගණකයේ එකේ Hard Disk හදිසියේ
ක්‍රියාවිරහිත උනොත් ඔබ මොකද කරන්නේ? ඒවගේ වෙලාවට තමයි Data Backup කරන එකේ
වටිනාකම තේරෙන්නේ. Dropbox කියන්නේ Data Backup, Share කරන්න වගේම ලෝකෙ
කොහේ හිටියත් ඒ Data Access කිරීමේ පහසුකම ලබාදෙන සේවාවක්.
මෙම සේවාව ලබාගන්න
නම් මුලින්ම ඔබ www.dropbox.com වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වෙලා
Dropbox මෘදුකාංගය ඔබේ පරිගණකයේ install කරගන්න ඕනෙ. Installation එක
අතරතුරදී ඔබට තෝරාගැනීම් කීපයක් කරන්න වෙනවා.
- ඔබට මුලින්ම ගිණුම් වර්ගය (account type) තෝරාගන්න වෙනවා. නොමිලේ ලැබෙන ගිණුමේ (free account) ප්‍රමාණය 2GB කි.
- මීලගට ලැබෙන window එකේ typical settings හෝ advanced settings තෝරාගන්න පුළුවන්. Advanced settings තෝරා ගත්තොත් dropbox folder එක (මේ ගැන වැඩි විස්තර අප පසුව කතා කරනවා) install කලයුතු ස්ථානය ලබාදෙන්න පුළුවන්.
- installation එක අවසන් වූ පසු dropbox icon එක [
] ඔබේ task bar එකේ දකින්න ලැබේවි.
Dropbox අපේ පරිගණකයේ විශේෂ folder එකක්
හදනවා Dropbox කියන නමෙන්. ඔයාගේ task bar එකේ තියෙන dropbox icon එක මත
right click කරලා ලැබෙන ”Open Dropbox folder” කියන option එකෙන් පෙන්වන්නේ
මේ folder එක. මේ dropbox folder එක සාමාන්‍ය folder එකක් වගේ ඔබට
පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේ folder එක ඇතුලේ තවත් folders
හදන්න, files copy කරන්න පුළුවන්. මේ folder එකේ පිටපතක් (copy එකක් )
dropbox වෙබ් අඩවියෙත් තියෙනව. ඔබ මේ folder එක ඇතුලේ කරන ඕනෑම වෙනස්කමක්
(උදාහරණයක් විදියට අලුතෙන් folder එකක් හදනවා, file එකක් copy කරනවා) වෙබ්
අඩවියේ තියෙන folder එකෙත් වෙනවා. මේකට කියන්නේ synchronize වෙනවා කියල.
දැන් ඔබේ data වල copy එකක් තව තැනක තියෙන
හින්ද ඔබට බය වෙන්න දෙයක් නෑ. ඔබට ලෝකෙ ඕනෙම තැනක ඉදන් www.dropbox.com
වෙබ් අඩවියට ගිහින් ඔබේ data ලබාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ පරිගණක කීපයක
වැඩ කරනවනම් ඒවා අතර data synchronize කරගන්නත් මේ මෘදුකාංගය පාවිච්චි
කරන්න පුළුවන්. ඔබේ මිතුරන් සමග data share කරගන්නත් මේක හොඳ ක්‍රමයක්.
Dropbox මගින් නොමිලේ ලබාදෙන්නේ 2GB උනත් ඔබේ මිතුරන් මේ සේවාවට
හදුන්වාදීමෙන් එය 8GB දක්වා වැඩිකරගන්න පුළුවන්. ඔබගාව තියෙන වටිනා දත්ත
ඔබ තාම backup කරල නැත්නම් අදම Dropbox install කරන්න.
Dropbox ගැන වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න
No comments:
Post a Comment