ඇන්ඩ්රොයිඩ් කියන්නේ අපේ පරිගණකයට තියනවා වගේ අලුතෙන් එන ජංගම දුරකතන වලට සහ ටැබ්ලට් එන මෙහෙයුම් පද්ධතියක් (Operating
system ). ඉතාම සරලව කීවොත් අපේ PC එකේ Windows 7,
Windows XP run වෙනවා වගේ ඊට වඩා සංකීර්ණ විදිහට හදපු පද්ධතියක් . ඇන්ඩ්රොයිඩ් සමාගම 2005 දී ගූගල් සමාගම විසින් මිලදී ගන්නා අරන් තියෙන්නේ.
Google සමාගම විසින් සැමටම භාවිතාකල හැකි ව්යාපෘතියක් Android
Open Source Project (AOSP) විදිහට තමයි එළිදැක්වුයේ. ඒ කියන්නෙ මෙහි ප්රබව කේත (source
codes) ඕන කෙනෙක්ට පරිහරණය කරන්න පුළුවන්.මෙය ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදනයක් වේ.
Android වෙළදපොල
දැනට 520,000 කට අධික Apps ප්රමාණයක් ඇන්ඩ්රොයිඩ් සතුව තිබෙනවා. මේ සියල්ලක්ම Android market මගින් ලබාගතහැකියි. ඒවගේම Apps වෙන site(Third-party site) එකක් හරහා හෝ online store වලින් බාගත කර ගත හැකිය. වෙළදපොලේ
Google’s Android,
Apple’s iOS
RIM’s BlackBerry OS
Microsoft’s Windows Phone
Linux
HP’s webOS
Samsung’s Bada
Nokia’s MeeGo
වගේ OS ගණනාවක් තියනවා. ඒකෙන් Android සදහා තියන වෙළදපොල කියතොත්, වෙළදපොලෙන් 43% ක කොටසක් Android සතුයි.
අනෙක් Operating
system වන Android,
Bada, webOS සහ Maemo ගොඩනැගිලා තියෙන්නේ Linux වලින්. iOS, BSD සහ NeXTSTEP
operating systems ව්යුත්පන්න වෙලා තියෙන්නේ Unix වලින් .
Android ඉතිහාසය
ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්තිය ඉතිහාසය ආරම්භ වෙන්නේ එහි පළමු සංස්කරණය (Version)
2008 සැප්තැම්බර් නිකුත්වීමත් සමගිනි. අද වනවිට සංස්කරණ විශාල 7ක් නිකුත් වී තිබෙනවා. මෙහි මූලික අරමුණ වන්නේ දෝශ නිරාකරනය කිරීමත් අලුත් features හදුන්වාදීමත්ය. සාමාන්‍යයෙන් සංස්කරණයක් නිකුත් කරන්නේ සංකේත අංකයක් සමගින් අතුරුපසක නමක් යොදමින්ය එයත් අකාරාදී පිලිවෙළටයි. දැනට නිකුත් කර ඇති සංස්කරණ
Android 1.0 (9 February 2009)මේ තමයි, ලෝකයේ පළමු android version හදුන්වාදුන්න එකම mobile එක T-mobile G1Android
1.5 Cupcake (30 April 2009)Android 1.6 Donut (15 September
2009)Android 2.0/2.1 Eclair (26 October 2009)Android 2.2 Froyo (20 May
2010)Android 2.3 Gingerbread (6 December 2010)
Android 3.0 Honeycomb (22 February 2011)මෙය Tablet වලට පමණක් නිපදවු එකකි
Android 4.0 Ice Cream Sandwich (19 0ctomber 2011)
Android 4.1x Jelly Bean (9 July 2012)
Android 4.2 Jelly Bean (13 November 2012)
Android 3.0 Honeycomb (22 February 2011)මෙය Tablet වලට පමණක් නිපදවු එකකි
Android 4.0 Ice Cream Sandwich (19 0ctomber 2011)
Android 4.1x Jelly Bean (9 July 2012)
Android 4.2 Jelly Bean (13 November 2012)
|
Version
|
Code name
|
Release date
|
||
|
4.2
|
Jelly Bean
|
November 13, 2012
|
||
|
4.1.x
|
Jelly Bean
|
July 9, 2012
|
||
|
4.0.3–4.0.4
|
Ice Cream Sandwich
|
December 16, 2011
|
||
|
3.2
|
Honeycomb
|
July 15, 2011
|
||
|
3.1
|
Honeycomb
|
May 10, 2011
|
||
|
2.3.3–2.3.7
|
Gingerbread
|
February 9, 2011
|
||
|
2.3–2.3.2
|
Gingerbread
|
December 6, 2010
|
||
|
2.2
|
Froyo
|
May 20, 2010
|
||
|
2.0–2.1
|
Eclair
|
October 26, 2009
|
||
|
1.6
|
Donut
|
September 15, 2009
|
||
|
1.5
|
Cupcake
|
April 30, 2009
|
ඇන්ඩ්රොයිඩ් කියන්නෙ ජංගම දුරකට්න වල මේ දිනවල බහුල ලෙස බාවිතා වන මෙහෙයුම් පද්දතියක්. ඇපල් iOS,Windows
Phone 7තමා ඇන්ඩ්රොයිඩ් එක්ක කරට කර සටන් කරන අනික් මෙහෙයුම් පද්ධති. මේ හැම එකේම එක එක විශේෂ ඒවට ආවේනික අංග තියෙනවා. මේ අතරින් ඇන්ඩ්රොයිඩ් වල තියෙන හොදම ලක්ශනේ තමා ඒක Open
Source වීම. මේ නිසා ඇන්ඩ්රොයිඩ් දුරකතනයක් unlock කරන, එහෙම නැත්නම් root කරපුවම අපිට ඒකෙ තියෙන ඕනෙම අංගයක් අපිට ඕනෙ විදිහට වෙනස් කරන්න හැකියාවක් ලැබෙනව.
මේ ඇන්ඩ්රොයිඩ් කියන මෙහෙයුම් පද්දතිය මුලින්ම හදලා තියෙන්නෙ Open
Handset Alliance (OHA) කියන සමාගම 2008 දි. එදා සිට අද දක්වා මේකේ මූලික වශයෙන් Platforms 7ක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම ඇන්ඩ්රොයිඩ් වලට Applications
400 000ක් විතර හදලාත් තියෙනවා. දැනට වැඩියෙන්ම Applications තියෙන ජංගම ම්හෙයුම් පද්දතිය තමා Android. අපි ජංගම මෙහෙයුම් පද්දතියක් හොදයි කියලා කියන්නෙ ඒකෙ තියෙන Applications ගාන වැඩිවෙන තරමට. ඒක නිසා ඒ අතින් ඉදිරියෙන්ම ඉන්නෙ Android. ඒත් දැන් අලුතෙන් ඇවිල්ල තියෙන Apple එකේ තියෙන Siri කියන Application එක, ඒ වගේම Windows Phone
7.5 වගේ මෙහෙයුම් පද්දති වල තියෙන සමහර Applications ඇන්ඩ්රොයිඩ් වලට ලොකු තරගයක් දෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.
ඇන්ඩ්රොයිඩ්
කියන මෙහෙයුම් පද්ධතිය හැදිලා තියෙන්නෙ ස්ථර කීපයක් එකතු වෙලා. මේ තියෙන පින්තූරය දිහා බලන්න, මේකෙ තියෙන යටම ස්ථරය තමා Linux Kernal එක. මේක උඩ තමා අනික් ඔක්කම හදලා තියෙන්නෙ. මේකෙන් තමා දුරකට්නයේ තියෙන hardware වලට, ඒ කියන්නෙ GPS chip, Audio
Drivers, Processor, RAM වගේ
දේවල්වලට දුරකට්නයේ තියෙන Software එක්ක දත්ත හුවමාරු කර ගන්න ඕනෙ කරන පහසුකම් සපයන්නේ. අපිට මේ ස්ථරයට ලේසියෙන්ම පිවිසෙන්න පුලුවන් Terminal කියන Tool එක පාවිච්චි කරලා. ඒත් root කරපු දුරකට්නයක් නම් හොදම දේ තමා ADB (Android Debug
Bridge) කියන එක පාවිච්චි කරන එක. ඒක කරන හැටි මන් වෙන post එකකින් පැහැදිලි කරන්නම්.
Linux Kernal එක උඩ තියෙන්නේ Libraries.
Libraries වල කොටසක් තමා Android
Runtime කියන්නේ. අපි ඇන්ඩ්රොයිඩ් Application එකක් හදද්දි Kernal එකත් එක්ක කතා කරන්නේ මේ Libraries හරහා. මේකෙ තියෙන වැදගත්ම අපිට ගොඩක් ඕනෙම කරන එක තමා SQLite කියන්නෙ. මේක එක්තරා විදිහක Database එකක් හැබැයි මේක ගොඩක් සැහැල්ලුයි(Lightweight) ඒ නිසා දුරකට්න සදහා ගොඩක් සුදුසුයි. ඒ වගේම පාවිච්චි කරන්නත් ගොඩක් ලේසියි. Windows
Phone වල මේ වැඩේ කරන්නෙ SQL
CE(Compact Eddition) කියන එකෙන්. ඒක පාවිච්චි කරන එක අමාරුයි SQLite වලට සාපේක්ශව. මේ SQLite
Files වල තමා දුරකට්නයේ තියෙන Contacts,SMS වගේ ඔක්කම දත්ත තියෙන්නේ.
Libraries වල කොටසක් තමා Android
Runtime කියන්නේ. මේකෙ තියෙනවා ඉතාමත් විශේෂ දෙයක්. ඒ තමා Dalvik Virtual
Machine. ඇන්ඩ්රොයිඩ් Application දුවවන්නේ මේ Dalvik Virtual
Machine එක ඇතුලේ. හැම Application එකටම ඒකට අදාල Dalvik Virtual
Machine එකක් තියෙනවා. ඒ නිසා Application වලට විශේෂ ආරක්ශාවක් හම්බෙනවා. ඒකට හේතුව තමා මේ Virtual
Machine එකෙන් Application එකට වෙනම මතක ප්රමානයක් වෙන් කරීම. ඒ නිසා Application වලට මේ ඉඩ ප්රමානයේ ආරක්ශිතව වැඩ කරන්න පුලුවන්.
Libraries වලට උඩින් තියෙනේ Application
Framework එක. මේකෙන් තමා ඔක්කොම Manage කරන්නේ. ඒකෙන් තීරනේ කරනවා එක එක Application එකට කොචිචර සම්පත් දෙන්න ඕනෙද වගේ කරුනු. ඊට පස්සේ Application
Framework එකට උඩින් තියෙනවා Applications. මේකෙ තමා අපි පාවිච්චි කරන Application දුවන්නේ. මෙන්න මේ විදිහට තමා ඇන්ඩ්රොයිඩ් කියන මෙහෙයුම් පද්ධතිය හැදිලා තියෙන්නේ.

No comments:
Post a Comment