ඔබේ ෆේස්බුක් ගිණුමට පාස්වර්ඩ් 3ක් තිබෙන බව ඔබ දැනගෙන සිටියාද?
මේක ගැන ටික දෙනෙක් නම් දන්නවා ඇති… මම මේ නොදන්නා අයටයි කියන්නේ මේක ඇත්තටම විනෝදයි. ඔයාලගේ ෆේස්බුක් ගිණුමට පාස්වර්ඩ් 3ක් තියෙනවා කියලා ඔයාල දැනගෙන හිටියද? ඇත්තටම මේ 3න් විදිහෙන්ම ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ පාස්වර්ඩ් 3න් පලවෙනි පාස්වර්ඩ් එක අපි Account එක හදද්දී තෝරගත්ත පාස්වර්ඩ් එක.
password #1 කියන තැන තියෙන්නේ Account එක හදද්දී තෝරගත්ත පාස්වර්ඩ් එක. ඒ උදාහරණයට ගත්ත පාස්වර්ඩ් එකේ L අකුර විතරයි Capital Letter එකකට තියෙන්නේ.
password #2 කියන තැන තියෙන්නේ අනිත් විදිහ. ඒ කියන්නේ password #1 කියන තැන තියෙන පාස්වර්ඩ් එකේ විරුද්ධ ආකාරය තමයි දෙවැනි පාස්වර්ඩ් එක යටතේ තියෙන්නේ. ඒ කියන්නේ password #1 තිබුන Simple Letters දෙවැනි අවස්ථාවෙදී Capital Letters බවට පත්වීමෙන් හා Capital Letters ටික Simple Letters බවට පත්වීමෙන්.
password #3 තියෙන ආකාරයට දැක්වෙන්නේ අපි password #1 කියන තැන මුල අකුර simple එකුරක් නිසා එහෙම තියෙනවනම් ඒ simple අකුර විතරක් capital අකුරක් වෙලා 3න් වෙනි පාස්වර්ඩ් එක හැදෙනවා. ඔය විදිහට තමයි ඒ පාස්වර්ඩ් 3 හැදෙන්නේ. එක එච්චර දෙයක් නම් නෙවේ මොකද මේ ටිකම වෙනස් වෙලා හැදෙන නිසා. අමතර දෙයක් හැටියට දැනගෙන ඉන්න එක හොදයිනේ
No comments:
Post a Comment