custom ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock
ROM ලෙසින් හදුන්වන්නේ.
custom ROM යනු මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps,
services, ඇතුලු ඔබේ උපාංගය ක්රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි.
මොකද්ද customized කීවේ ඇන්ඩ්රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා stock
ROM භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock
ROM අලුත් වැඩියා කරන්න.
custom ROM හි සුවිශේෂිතා
1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.
custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ.
2.ඉක්මන් ක්රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.
custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom
ROM සංවර්ධකයා විසින් stock
ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි.
උදා -
ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier
installed apps) ඉවත්කිරීම
3. ඇන්ඩ්රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්රොයිඩ් අනුවාදනයකට මාරුවීමට හැකිවීම.
පසුව එන ඇන්ඩ්රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කියන්නේ. ඇතැම් විට ඇන්ඩ්රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked
version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට.
ඇන්ඩ්රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10
Mini pro…..) custom ROM එකක් භාවිතා කරලා පුලුවන් ඇන්ඩ්රොයිඩ් 2.3 අනුවාදනයකට යොමුවෙන්න.
4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.
ඇන්ඩ්රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD
card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom
ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD
card එකට ඉන්ස්ටෝල් කිරීමට.
custom ROM හි අදුරු පැත්ත.
අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා.
· · ඇන්ඩ්රොයිඩ් උපාංගයේ වගකීම් සහතිකය නැතිවයාම.
· · ඇන්ඩ්රොයිඩ් උපාංගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා)
· නිවැරදි custom
ROM සොයා නොගැනීම.
ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.
No comments:
Post a Comment