Lytro Camera (ත්‍රිමාන ඡායාරූප කලාව??)
Lytro Camera ගැන:-
අද කාලේ ඡායාරූපකරණය තවත් කලාවක් ලෙස වර්ධනය වෙලාතියෙනවා.ඒවගේම ඡායාරූපකරණයට තියෙන ආසාව සෑමදෙනා අතරම පැතිරයමින් තිබෙනවා,තමන් සිත්ගත් අවස්ථාවක් ඡායාරූපගත කරගෙන තමන් ලඟ තබා ගනිමින් එය රසවිඳින්න අප හැමෝම ප්‍රියකරනවා.ඒත් සාමාන්‍ය ඡායාරූප කරණයේදී අපට අවශ්‍ය දේ Cameraඑකකට නාභිගතකර ඡායාරූයට නැගීමට සිදු වෙනවා එහිදී ඡායාරූපයට නැගෙන්නේ අපි නාභිගත කල ස්ථානය වේ.ඒත් මීට වෙනස ලෙස ඡායාරූප ගත හැකි ලෙස Lytro Camera ලෙසින් Cameraනිපදවා තිබෙනවා.
මෙ Lytro Camera මගින් යම් ස්ථානයකින් පැමිනෙන සියලු දිශාවලට ගමන් කරන ආලෝක කිරන සියල්ල මෙම Camera එක මගින් අල්ලා ගන්නට හැකි වීම මෙහි විශේෂත්වයයි.එම නිසා කචය මගින් ග්‍රහනය කර ගන්න ඩර්ශනයෙ සිට පමිනෙන සියලු ආලෝක කිරණ,වර්ණ තීවුරතාවයන් මෙම cameraවෙ sensors මගින් සටහන් කර ගන්න්නව එම නිසා ඡායාරූපයට නෙගුනු ස්ථානයේ ඇති සෑම තැනකම details පෙහෙදිලිව මෙහි සටහන් වෙනව ,වෙන විඩියකට කියනවනන් ඡායාරූපය ඇති සෑම තැනකම නාභිගතවීම සිදුවෙනවා.
එම නිසා ඡායාරූපය ගත්පසු අපට අවශ්‍ය ලෙස නාභිගත වියයුතු ස්ථානය වෙනස්කරමින් අපිට සිතැඟි ඡායාරූපයක් ලබාගැනීමට එමගින් හැකියාව ලබා දෙනවා.
මේ Camera ඒක මැලේසියානු ජාතික යි රෙන් එන්ග් විසින්ගේ නවතම නිර්මාණය වෙනවා.විශේෂත්වයක් වන්නේ මෙහිදී නාභිගත වියයුතු ස්ථානයන් වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන පරිගණක වැඩසටහන මෙම Camera එක මගින්ම ලබා දීමයි.මෙම Camera එක මගින් ලබාගන්නා ඡායාරූපයක් පරිගණකයක හෝ ස්ථාපනය කලවිට එම පරිගණක සටහනද ඒ සමග ස්ථාපනය වෙනවා ඒ නිසා ඡායාරූපයේ කැපීපෙන්විය යුතු ස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ එ මත Click කිරීම පමණයි.මේ විදිහට Focus කරලා Photo හදාගන්න විදිහ ඔයාලටත් අත්හදා බලන්න පුළුවන් Lytro.com අඩවියට ගියොත්
No comments:
Post a Comment