ingiya ( සිංහල තේරුම ලේසියෙන් )
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාගන්න ඕනෙනම් ඔයාලා කරන්නේ මොකක්ද?එක්කෝ වචනය Copy කරගෙන ගිහින් මධුර Dictionary එකේ හරි නැත්නම් බොහෝ වෙලාවට කරන්නේ maduraonline.com එකට ගිහින් Paste කරලා හොයාගන්නවා.එතනදි පියවර 3ක් විතර තියෙනවා . Copy කරන්න තියෙනවා Madura Dictionary එකට යන්න තියෙනවා Paste කරලා Searchකරන්න තියෙනවා.
මේ වැඩේ පොඩ්ඩක් දිග වැඩි හින්දා ඒ වැඩේට යන වෙලාව අඩු කරගන්න ඉංඟිය කියලා Fire Fox Add-on එකක් හදන්න UCSC ( University of Colombo School of Computing) එකේ කට්ටිය හවුල් වෙලා තියෙනවා.ඒක හින්දා දැන් වැඩිය කරදරයක් නැහැ අදාල නොදන්නා වචනය ළඟට Mouse Cursor එක ගෙනිච්ච ගමන් තේරුම එතනම පෙන්වනවා .Mouse Cursor එක එතනින් ඉවත් කලාම තේරුමත් නොපෙනීයනවා.
- මේ අය කියන විදිහටනන් ඉංග්‍රීසි වචන 36000ක් පමන මේ මගින් පරිවර්ථනය කරන්න පුළුවන්.
- ඒවගේම Firefox හා Thunderbird වලටත් වැඩ කරනවා.
- docs.google.com වලදිත් කරදරයක් නැතුව වැඩ කරනවා.
- විශේෂම දෙයක් තමයි මේ වචන උච්චාරනය කරන ආකාරය Audio එකක් මගින් දැනගන්නත් පුළුවන්.( ingiya 1.3.1 පාවිච්චි කරන මට නම් මේ feature එක වැඩ කලේ නැහැ)
“ඒ පහසුකම සක්‍රීය කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ Tools->Add-ons ගිහින් ඒ එන අළුත් Tab එකේ තියෙන Extensions කියන එකේ Ingiya ඉදිරියේ තියෙන Options කියන button එක Click කරන එක මෙතනින් දැන් ලැබෙන Pop-up Window එකේ Enabled Audio Click කරන්න . Real Playerදාලා තිබ්බේ නැත්නම් ඔයාට නිවේදනයක් ලැබේවි Real Player නැහැ කියලා මෙතනින් Real player ගන්න.”
ඔබ සොයනා යම් වචනයක් Ingiya Dictionary එකේ නැත්නම් එම වචන Ingiyaට යෝජනා කර ඔවුන්ට සහය වන්න. Ingiyaට යෝජනාකිරීමට වචනය උඩ Right Click කර Submit “your_word “to ingiya කරන්න.ඒ ලබාදෙන සහය
No comments:
Post a Comment