Pages

Tuesday, September 19, 2017

කොහොම්ද fiverr වල ලොකු order එකක් ගන්නේ

මෙතන ගොඩක් උන් fiverr කරනවනේ. ඒකයි මේක කියන්න හිතුවේ. මොකද ගොඩක් අලුත් එවුන් (සමහර පරන උන් පවා) දන්නේ නෑ කොහොම්ද buyer කෙනෙක්ගෙන් පොරව අවුල් කර ගන්නෙ නැතිව order එකකට හොද ගානක් කියන්නේ කියලා. මුලින්ම තෙරුම් ගන්න ඕනේ දේ තමයි fiverr කියන්නෙ තව දුරටත් $5 ටම වැඩ කරන site එකක් නෙමේ. ඉස්සර මන් පටන් ගත්ත කාලේ order එකකට $20-25 ක් කියුවම සමහර buyers ලා මට talk කරල තියනවා fiverr කියන එකේ five කියල කියන්නෙ $5 කියන එක ඇයි එහෙම charge කරන්නේ. මන් complain කරනවා අනන් මනන් කියලා. ඒත් දැන්නම් එහෙම ලමා මනසිකත්වයෙන් එන buyers ලා හරි අඩුයි.



දැන් fiverr එකෙන්ම අපි කැමති විදියට අපේ gig වල basic price set කරන්න අපිට chance එක දීලා තියනවා. ඒහින්දා අපිට දැන් සාදරන ගානකට වැඩ කරන්න පුලුවන්. ඔනෙ නම් කෙලින්ම gig එකේ basic price එක $20-25 කට set කරන්න පුලුවන්. ඒත් එහෙම කරන එක මම නම් recommend කරන්නෙ නෑ. මොක්ද ගොඩක් gigs තාමත් $5 basic price තියන නිසා අපේ gig එකට visit අඩු වෙන්න ඉඩ තියනවා . දෙවනි එක තමයි ලෝකේ අනිත් රටවල් වල living cost එක ගැන පොඩී idea එකක් තියන් ඉන්න එක. ඒ කියන්නෙ ලෝකෙ රටවල් 200 ම cost of living දැනගන්න ඕනේ කියලද? නෑ නෑ. අපිට ඉතියෝපියාවේ, සුඩානයේ living cost එකෙන් වැඩක් නෑ. සමස්තයක් වශයෙන් ඇමරිකාවේ, කැනඩාවේ, යුරෝපයේ, මැද පෙරදිග, ආසියාවේ විවිද කලාප වල සහ අවසාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ සාපේක්ශ වශයෙන් දැන ගත්තනම් වැඩිත් එක්ක. මෙතනදි living cost එක කියල කියුවට ඒක හරියට මෙහෙම දෙයක්. උදාහරනයක් විදියට එක එක රටවල් වල $5 කින් මොනවද කරන්න පුලුවන් වගේ. ඉන්දියාවෙ නම් $5 කින් සතියක් කන්න බඩු අරන් එන්න පුලුවන් ඇමරිකාවෙනම් කෝපි එකක් බොන්න පුලුවන්. අන්න ඒ ගානට තෙරුම් ගත්තම ඇති. අන්න එහෙම ගත්තම එක එක රටවල මිනිස්සුන්ට අපි කියන ගනන් වදින්නෙ එක එක විදියට. මන් මේ කියන්න හදන්නෙ ඉන්දියන් කාරයෙක් අමාරු වැඩක් දුන්නත් ඒක දෙකයි පනහට කරල දෙන්න කියල නෙමේ. ඉන්දියන් නෙමේ සෝමාලියාවෙන් ආවත් කමක් නෑ උබේ ගාන උබ ගනින්. මොක්ද හැම දේටම price එකක් තියනවනේ. මන් කියන්නේ ඉන්දියන් කාරයට $5 කරල දෙන වැඩේටම ඇමරිකන් කාරයගෙන් $25 ගලවන්න පුලුවන් කම තියෙද්දි ඒක $5 ට කරන්න එපා කියන එක. මොකද ඇමරිකාව වගේ රටක flyer එකක් banner එකක් local graphic designer කෙනෙක්ට කියලා කර ගන්න ගියානම් $50න් මෙහා නම් කර ගන්න වෙන්නෙ නෑ. අන්න ඒකයි උන් අපි ගාවට දුවගෙන එන්නේ. තවත් ගොඩක් හේතු තියෙන්න පුලුවන් online කරන්න පුලුවන්කම, ගොඩක් search කරල හොදම කෙනෙක් තෝර ගන්න පුලුවන්ක්ම් වගේ දේවල්. ඒත් fiverr එකේම ඉන්න ඇමරිකන් යූරෝප් designers ලා මග ඇරලා Asian designers ලාම හොයන උන් ඉන්නවා අඩුවට කර ගන්න. හැබයි එහෙම කියලා අපි $5 ටම කරන්න ඔනෙ නෑ එහෙමයි කියලා $50ක් කියන එකත් හරි නෑ. හබැයි උබට හොද English knowledge එකක් තියනවනම් (කතා කර ගන්න බැරි උනාට කමක් නෑ ලියන්න පුලුවන් උනා නම් ඇති) $25 කට 30කට ඌව talk කර ගන්න හැටි මේක අන්තිම හරියෙදි කියන්නම්. හරි තුන් වෙනි එක තමයි buyer කවුද, මොනවද කරන්නේ, Seller කෙනෙක්ද, අතරමැදියෙක්ද, Fiverr වලට අලුත්ද නැද්ද, TOP buyer කෙනෙක්ද, උබට කලින් order දීපු එකෙක්ද එහෙමනම් මොන මොන වැඩ වලට කීය ගානේ උබ උගෙන් charge කරල තියනවද, නැත්නම් උබට කලින් message කරල උබ custom offers යවලා ඒව accept කරල නැද්ද, එහෙමනම් ඒ කීයේ ඒවද මොන වැඩ වලටද, ආයෙත් ඇවිත් තියෙන්නෙ ඒ වැඩේටමද කලින් උබ කරපු වැඩේට tip එකක් එහෙම දීල ගිය එකෙක්ද වගේ දේවල් හිතලත් උබේ ගාන කියන්න පුලුවන්. මෙතනදි buyer කවුද කියන එකෙන් අදහස් කලේ උගෙ job එක තත්වය සහ ආර්තික මට්ටම ඌ මොනව කරන එකෙක්ද කියන එක ගැන පොඩි අදහසක් ගන්න කියන එක. ඒක ගොඩක් වෙලාවට උගෙ message එක කියෙඋවම ඌ business කාරයෙක්ද, artist කෙනෙක්ද, ලොකු company එකක අයිති කාරයෙක්ද කියන එක හිතා ගන්න පුලුවන් වෙයි. හරි මුලින්ම message එකක් ආවම ඔන්න ඔය උඩින් කියලා තියන ටික පොඩ්ඩක් හොයලා බලපන්. ඔය ටික කියවන කොට හෙන ගොඩක් වගේ පෙනුනට ඇති ලබ්බක් නෑ ඔතන. ඕනෙනම් ඔය ඔක්කොම හිතල බලන්න විනාඩියක් යයි. හරි දැන් message එකට පුලුවන් තරම් ඉක්මනට reply කරන්න ඕනේ. පටස් ගාල custom offer button එක click කරලා ඌට custom offer එකක් යවන්න ඕනේ වෙන එකෙක් order එක කඩාගන්න කලින්. අනේ මේ පිස්සු නම් නටන්න ලෑස්ති වෙන්න එපා... එහෙම හදිස්සි උනොත් නම් ජීවිතේට මේ මන් කියන්න හදන දේ කරන්න වෙන්නෙ නෑ.. මුලින්ම message එක හොදට කියවපන් කියවල උබට කරන්න පුලුවන් වැඩක්ද බැරි එකක්ද කියලා තීරනය කරපන්. කරන්න බැරි එකක් නම් කෙලින්ම බෑ කියපන් මචං පින්සිද්ද වෙයි. එකක් ඒකෙන් fiverr වල standard එක රැකෙනවා අනික උබට negative එකක් වැටෙන්න order එක cancel වෙන්න තියන chance එක අඩු වෙනවා. අනික ඒ buyer ගෙ සල්ලි කාලෙයි දෙකම ඉතුරු වෙනවා. මොකද අපි දන්නෙ නෑ නේ එහෙ මොන වගේ තත්වයක්ද time frame එකක්ද තියෙන්නේ කියලා. සමහරවිට උබ කරන වැඩෙන් මිනිහෙක්ගෙ job එක පවා ගහල යන්න පුලුවන්. හැබයි උබට හොදටම කරන්න පුලුවන් වැඩක් කියල තේරුනොත් පුලුවන් ඉක්මනින් reply කරපන්. හැබැයි ඒ reply එකේ උබට අච්චරක් ඕනේ මෙච්චරක් ඕනේ කියලා දාන්න එපා. මුලින්ම greet කරලා ඊට පස්සෙ පුලුවන් තරම් උබ ඒකට interest බව පෙන්නල තව මොනව හරි විස්තරයක් අහල message එකක් දාපන්. හිතපන් buyerta ඕනේ book cover එකක් හදාගන්න කියලා. උබ උගෙන් අහපන් images දෙනවද නැත්නම් උබ ඒවා හොයා ගන්න ඕනෙද? දවස් කීයකින්ද වැඩේ වෙන්න ඕනේ? කැමති style එකක් හරි ඉන්ටෙර්නෙට් එකේ දැකපු කැමති විදියෙ design එකක් තියනවද වගේ මොනාම හරි. හැබැයි ඔක්කොම එකේ අහන්න එපා. පලවෙනි message එක පුලුවන් තරම් short and sweet තියපන්. Message 3ක් විතරවත් conversation එක ඇදගෙන යන්න දේවල් ඉතුරු කර ගනින්. එහෙම කියුවෙ ඇයි කියල පස්සෙ කියන්නම්. අන්න message 3ක් 4ක් එහාට මෙහාට ගියාට පස්සෙ දැන් උබට chance එකක් එනවා උබේ ගාන කියන්න. අන්න දැන් උබ අර උඩින් කියපු ඔක්කොම ටික කල්පනා කරලා උබේ ගාන කියනවා. හිතපන් උබට ඕනේ $25 ක් කඩා ගන්න් කියලා. උබ යවනවද custom offer එකක් $25ක් දාලා. අපෝ නෑ උබ ඒකට තව $10ක් වැඩිම $15 add කරලා custom offer එකක් යවනවා buyer full හොල්මන් වෙලා යන්න. උබ කොහොමද ඒක යවන්නේ. උබ දැන් ඔක්කොම discussed කරල නේ තියෙන්නෙ ඒ හින්ද උබට මේ විදියට යවන්න පුලුවන්. Alright! I will do this for $35 and it will take just 2 days to deliver. Please accept this custom offer if you wish to take my service. I will design a premium quality cover for you. This offer includes free unlimited revisions. So you can ask for changes and make it perfect after the first delivery. If you have any problem please let me know. best, Your name දැන් මොකද buyer accept කරයිද? කරන්නත් බැරි නෑ.. එහෙම උනොත් order එක පටන් ගන්නත් කලින්ම උබට tip එකක් ලැබුන වගේ දැනෙයි. අහ් මේ price ටික පටල ගන්න එපා. $5 = මේ වැඩේට උබට ඕනේ ගාන $25= US හරි යුරෝප් හරි buyer කෙනෙක් නිසා උබට ගන්න හිතන් ඉන්න ගාන $35= උබට ඕනේ ගානට තව $10 ක් හරි $15 ක් හරි add කලාම එන ගාන හරි දැන් buyer accept කරයිද මේක. ගොඩක් වෙලාවට නෑ.. මොකද ඌ එන්නේ මේක $5-10 ට කර ගන්න බලාගෙන. (ඒත් අපි දන්නව මූට $25 ගෙවන්න පුලුවන් කියලා). ඉතින් ඌ පැදුරටත් නොකියා දාල යයිද. නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. උබ පලවෙනි message එකේම ඔය custom offer එක යැවුවනම් වෙන්නෙ ඒක තමයි. අන්න ඒකයි මන් කලින්ම කියුවේ message 3ක් 4ක් යනකම් කොහොම හරි ඇදගෙන ඇවිල්ල ගාන කියන්න කියලා. මොක්ද දැන් buyer දන්නවා උබේ ගාන සැර උනාට උබ සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි කියලා. අනික ඌ පොඩ්ඩක් උබත් එක්ක fit වෙලා ඉන්නේ මේ වෙනකොට. උබට විස්තර කියලා තෙරුම කරලා තියෙන්නේ. දැන් තියෙන්නෙ සල්ලි ප්‍රශ්නේ විතරයි. දැන් ආයේ එකෙක් ගාවට යනවා කියන්නේ ඌට මුල ඉදලම විස්තර කරන්න ඕනේ. ඒ මදිවට ඌත් ඒ ගාන ඉල්ලුවොත්. දැන් buyer ගේ reply එක මෙන්න මේ වගේ එකක් වෙයි. Sorry! It's out of my budget. I will try to find someone else. Thanks anyway. දැන් උබ ඌට bye bye කියලා යන්න දෙනවද? නෑ නෑ උබ මෙන්න මෙහෙම කියනව. oh! Could you please let me know your budget for this work? අන්න buyer හිර වෙන තැන. ඌ බලනව දැන් $35k කියපු එකාට කොහොමද $5 ට කර ගන්න ආවේ කියන්නේ. දැකල නැති උනත් ඌටත් විලිලැජ්ජාවක් කියලා එකක් තියන්වනේ. ඌ මොක්ද කරන්නේ ඌට ඇත්තටම කිසි ගේමක් නැතිව ගෙවන්න පුලුවන් ගානට $10 විතර අඩු කරලා කියනවා. ඌ මෙන්න මෙහෙම කියයි. I was hoping for $15-20? Is that ok for you? අන්න දැන් උබට order එක ඇවිත් තියෙන්නෙ $20 ට. ඒක ඔලුවෙ තියගෙන උබ බලනව තව $5ක් කඩා ගන්න පුලුවන්ද කියලා. උබට මෙහෙම කියන්න පුලුවන්. Thank you so much! I wish I could do this for $20 but I am sorry $25 is the best I can offer for this work at the moment. Could you please make it to $25. If yes I will take this order and do my best for you :) අන්න buyer කල්පනා කරනවා. මේක මට local කරනවනම් $50ක් යනවා ඊට පස්සෙ ඕවට එහෙට මෙහෙට දුවන්නත් වෙනවා. fiverr එකේම වෙන එකෙක් ලගට ගියත් ඌට මුල ඉදන් මේක විස්තර කරන්න ඕනේ ඔන්න ඔහෙ මූට ඒ ගානට order එක දානවා කියලා. හැබයි බැරි වෙලා හරි ඌ බැහැ කියලා කියුවොත් අන්න උබට සිද්ද වෙනව උබේ ලැජ්ජ නහරෙ කපල දාලා බල්ල වගේ හරි sir no problem 20ට කරන්නම් කියන්න. ඉතින් මොකද බන් එහෙම උනාට අපි දන්න එවුන් යෑ.. අනික මේ office වල ගිහිල්ල උදේ හවා කරපුවටයි නොකරපුවටයි ලොක්කගෙන් අහන බැනුම් වල හැටියට මේ මොනවද. හා නැද්ද? ~ Author Unknown

No comments:

Post a Comment