Pages

Thursday, September 22, 2016

වටලප්පම් හදමු


උත්සවයකට වටලප්පම් හදනවනම්..25,30 දෙනෙකුට සෑහෙන්න..
හකුරු කිලෝ 1 
බිත්තර ලොකු ඒවානම් 20 (පොඩි බිත්තර නම් 24)
පොල්කිරි ලීටර 1
වැනිලා, හෝ එනසහල් කුඩු..
හකුරු ග්‍රේට් කරගන්න..පොල්කිරි එකතු කර හකුරු දියකරගන්න...
බිත්තර එකින එක කඩා වෙනම බාජනයකට එකතු කරන්න (බිත්තර එක සැරේ කඩල දාන්න එපා, එකක් හරි නරක් වෙලා තිබුනොත් ඔක්කොම අපතේ යනවා, එකින් එක වෙනම බාජනයකට කඩලා එකතු කරන්න..)
එයට වැනිලා එකතු කරලා හොදින් ගසාගන්න...

දැන් හකුරු,පොල්කිරි,බිත්තර සියල්ල එකතු කර හොදින් ගසාගන්න..ට්‍රේ එකක් ගෙන වතුර අගල් 1/4 පමණ වෙන්න දාලා ඒ උඩින් වටලප්පම් දැමු බාජනය තියන්න..200 උෂ්ණත්වයෙන් මම හරියටම පැයකුත් විනාඩි 10 බේක් කලා..ප්‍රමානය වැඩි නිසා...ඊලග සැරේ පොඩි වටලප්පම් ෆොයිල් ට්‍රේ දෙක බේක් කරන්න ගියේ විනාඩි 40 වගේ...:)

No comments:

Post a Comment