අලුතෙන් Hard Drive එකක් මිලදී ගෙන එය පරිගණකයට සවි කල පසුව හැමෝම අත්දකින දෙයක් තමයි Hard Drive එකේ තිබිය යුතු නියමිත ධාරිතාවට වඩා එහි ධාරිතාව අඩුවෙන් තිබීම. උදාහරණයක් විදියට ඔබ මිලදී ගන්නවා 500GB Hard Drive එකක් නමුත් එහි සැබෑවටම තිබෙන්නේ 465.66GB ක් පමණයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය එසේ සිදු වීමට බලපාන හේතුව කුමක්ද යන්න පිළිබඳවයි.
සමහර විට ඔබ මෙම කරුණ පිළිබඳව පුදුමයට පත් වෙන්න ඇති එම Hard Drive නිපදවන අය විසින් දිගින් දිගටම එය කරගෙන යාම පිළිබඳව. නමුත් මෙහිදී එම සමාගම් වැරදි නැහැ. වැරැද්ද තමයි අපි එය පිළිබඳව නොදැනුවත් වීම.
Hard Drive නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කරන එම සමගම් මගින් සලකන්නේ 1 මෙගාබයිට් එකක් කිලෝබයිට් 1000 ක් බවයි. (1MB = 1000KB) මෙන්න මේ ව්දියට ඔවුන් ගණනය කිරීම කරන විට.
1. 1Mb = 1000KB
2. 1GB = 1000MB
3. 1TB = 1000GB
ඉහත තිබෙන ආකාරයට තමයි ඔවුන් ගණනය කිරීම් කරන්නේ.
නමුත් පරිගණකය ගණනය කිරීම් කරන්නේ මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. එනම් මෙම පහත තිබෙන පරිදි වේ.
1. 1Mb = 1024KB
2. 1GB = 1024MB
3. 1TB = 1024GB
මෙය සරලව පැහැදිලි කරගැනීම සඳහා අපි 500GB Hard Drive එකක් උදාහරණයකට ගනිමු.
Hard Drive නිෂ්පාදනය කරන එම සමාගම් විසින් ගනනනය කරන ආකාරයට ඇත්තටම 500GB කියන්නේ
500*1000*1000*1000 = 500000000000 bytes.
පරිගණකය විසින් ගණනය කිරීමේදී ඇත්තටම 500GB කියන්නේ
500*1024*1024*1024 = 536870912000 bytes.
| Space Promised | Displayed on a computer | Difference |
| 100GB | 93.13GB | 6.87GB |
| 250GB | 232.83GB | 17.17GB |
| 500GB | 465.66GB | 34.34GB |
| 1TB | 931.32GB | 92.68GB |
| 2TB | 1862.64GB | 185.36GB |
අන්න එම කරුණ නිසා ඔබ Hard Drive එකක් පරිගණකයට සම්බන්ද කිරීමේදී 500GB Hard Drive එක දිස්වෙන්නේ 465.66GB පමණයි. එම හේතුව නිසා 500GB Hard Drive එකෙන් (34.34GB ) ප්‍රමාණයක් අඩුවෙන් තමයි දිස්වෙන්නේ.
No comments:
Post a Comment