පරිගණක ක්‍රමලේඛනය Computer Programming Concept
§ පරිගණක ක්‍රමලේඛනයක් යනු
පරිගණකයට යම් කාර්යන් කිරීම සදහා ලබා දෙන විධාන හා උපදෙස් මාලාවල එකතුවකි.
පරිගණක ක්‍රමලේඛනයක් සැකසීමේදී අනුගමනය කළ යුතු පියවරයන් කීපයකි.
- ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම. Understanding & Analyzing the Problem.
- ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම. Developing an algorithm for the problem.
- පරිගණක ක්‍රමලේඛනය ලිවීම. Coding the program.
- පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම. Testing & Debugging the program.
§ ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම. Understanding the Problem.
ගැටළුව නිසි අකාරයෙන් තේරුම් ගැනීම යනු ගැටළුවේ ස්වභාවය නිසි ආකාරයෙන් හදුනා ගැනීමයි. නිසි ආකාරයෙන් ගැටළුව හදුනාගත් විට එය විශ්ලේෂණය කිරීම පහසු වේ. ඒ අනුව ගැටළුව ආදාන, ප්‍රතිදාන හා සැකසීම වශයෙන් කාණ්ඩ කර ගැනීමට හැකි වෙයි.
නිදර්ශන
ගැටළුව - ඍජුකෝණාස්‍රයක වර්ගඵලය සෙවීම.
ආදාන - ඍජුකෝණාස්‍රයේ දිග, පළල
සැකසීම - දිග * පළල
ප්‍රතිදාන - ඍජුකෝණාස්‍රයේ වර්ගඵලය
§ ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම. Developing an algorithm for the problem.
ගැටළුව විසදීම සදහා අනුගමනය කරන පියවරයන් පිළිවලින් ලියා දැක්වීම ඇල්ගෝරිතමයක් ලෙස හැදින් වේ.
ඇල්ගොරිතමයක් ගොඩනගන ආකාර දෙකකි.
- රූපමය.
- ලිඛිතමය.
ඇල්ගොරිතමය පරිගණක භාෂාවෙන් ලියා දැක්වීම මෙමගින් අදහස් කෙරේ.
පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම. Testing & Debugging the program. ලියන ලද ක්‍රමලේඛනය නිවැරදි දැයි පරික්ෂා කර බැලීම මෙහිදී සිදු කරනු ලබයි. වැරදි ඇත්නම් ඒවා Programmerවිසින් නිවැරදි කරනු ලැබේ. එම ක්‍රියාව debugging ලෙස හදුන්වයි.
§ Programming Language පරිගණක භාෂාවක් යනු
පරිගණකයට යම් කාර්යයක් කිරීම සදහා අවශ්‍ය විධාන ලබා දීමට සකස් කර ඇති මාධ්‍යයකි.ඒ ඒ භාෂාවට අනුරූප වූ නීති මාලාවන් සහ උපදෙස් මාලාවන් තිබේ.
§ History of Programming Language පරිගණක භාෂාවල පරිණාමය
• පළමු පරම්පරාවේ පරිගණක භාෂා (Machine Language)
• දෙවන පරම්පරාවේ පරිගණක භාෂා (Assembly Language)
• තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා (High Level Language)
• හතරවන පරම්පරාවේ පරිගණක භාෂා (Artificial Language)
• පළමු පරම්පරාවේ පරිගණක භාෂා (Machine Language)
• වැඩ සටහන් ලියන ලද්දේ 0 හෝ 1 භාවිතයෙන් Machine Code එකෙනි.
• විධාන ඇතුලත් කිරීම ඉතා සංකීර්ණ විය.
• යන්ත්‍රය මත යැපෙන භාෂාවකි.
• ක්‍රමලේඛකයා පරිගණකයේ දෘඩාංග (Hardware ) පිළිබද දැන සිටිය යුතුය.
• පරිවර්කත මෘදුකාංග (Translators) අවශ්‍ය නොවීය.
• වැඩ සටහන ක්‍රියාත්මක වීම වේගවත් ය.
• දෙවන පරම්පරාවේ පරිගණක භාෂා (Assembly Language)
· විධාන ක්‍රමය Machine Language එකට සාපේක්ෂව සරළය.
· විධාන ගණනාවක් වෙනුවට සංකේත භාවිතා කරන නිසා සංකේත භාෂා ලෙස හදුන්වයි.
· Assembler නම් භාෂා පරිවර්තකය සංකේත භාෂාව යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය කිරීම සදහා යොදා ගන්නා ලදි.
· එයද යන්ත්‍ර මත යැපෙන භාෂාවකි.
· මෙය පළමු පරම්පරාවට වඩා ක්‍රියාත්මක වන වේගය අඩුය.
• තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා (High Level Language)
· පරිගණක ක්‍රමලේඛනය කිරීමේ භාෂාව සංකීර්ණත්වය අඩු මක්නිසාද යත් මෙහිදී භාවිතා කළ වචන සහ සංකේත සරළ හා ලෙහෙසි ඒවා වීමය.
· මේවාට Procedural භාෂා යැයිද කිව හැකිය. උදා - Fortran, Cobol, Pascal, C
· වැරදි හදුනාගැනීමේ පණිවිඩ දෙනු ලබන අතර ක්‍රම ලේඛය පරික්ෂා කිරීම පහසු වේ.
· යන්ත්‍රය මත යැපෙන්නක් නොවීය.
· ක්‍රමලේඛකයකු පුහුණු කිරීම පහසු වේ.
· පරිවර්තක මෘදුකාංග අවශ්‍ය විය.
• හතරවන පරම්පරාවේ පරිගණක භාෂා (Artificial Language)
· තීරණ ගැනීම සදහා පරිගණක මාධ්‍යය මගින් නිර්මාණය කිරීමට භාවිතා කරයි.
· පරිගණක වලට මිනිසුන් භාවිතා කරන භාෂා තේරුම් ගැනීමට පහසු වන මෘදුකාංග නිර්මාණය කිරීමටද භාවිතා වේ.
· වඩාත් බහුලව භාවිතා කරන භාෂා දෙකක් වන්නේ LISP හා Prolog ය.
· රොබෝ යන්ත්‍රවල උත්තේජක වලට ප්‍රතිචාර දැක්වීම සදහා වැඩසටහන් නිර්මාණය කිරීමටද භාවිතා කරයි.
§ Programming Language translators ක්‍රමලේඛන භාෂා පරිවර්තක මෘදුකාංග
වර්ග 3 කි.
• Interpreter - මූලික ක්‍රමලේඛනයේ ඇති පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කෙරේ.
• Compiler - මූලික ක්‍රමලේඛනයේ ඇති සම්පූර්ණ අන්තර්ගතය එක්වර යාන්ත්‍රික භාෂාවට හැරවේ.
• Assembler - Assembler භාෂාවෙන් ලියන ලියන ලද වැඩසටහන් යාන්ත්‍රික භාෂාවට හැරවේ
aiye meeke programming language classification ekee bedenne
ReplyDelete1.low level programming languages
>Machine language
>Assembly language
2.high level programming languages
3.artificial programming languages
kiyala neweida?
ow methanath kiyala thiyenne ekama thamai low leval languages walata thamai Machine language,Assembly language aithi wenne ekata dala thiyenne පළමු පරම්පරාවේ පරිගණක භාෂා( Machine language) mokada mulinma awe Machine language ne ita passene awe Assembly language ekata dala thiyenne දෙවන පරම්පරාවේ පරිගණක භාෂා kiyala eta passe awe high level programming languages ekata dala thiyenne තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා aluthenma awe artificial programming languages ekata dala thiyenne හතරවන පරම්පරාවේ පරිගණක භාෂා
DeleteThank u bro
ReplyDelete