BrowserShots

එකම වෙබ් අඩවිය විවිධ වෙබ් බ්‍රව්සර් වල හා මෙහෙයුම් පද්ධති හරහා නරඹන විට එකම ආකාරයෙන් දිස්නොවීම වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ට ගැටළුවක්.
ඒ වගේම තමන් නිර්මාණය කරන වෙබ් අඩවිය විවිධ වෙබ් බ්‍රව්සර් වල හා මෙහෙයුම් පද්ධති වල දිස්වන ආකාරය පරීක්ෂා කිරීම ඊටත් වඩා ගැටළුවක්. ඊට හේතුව තමයි ඒ සඳහා තරමක කාලයක් වැයවීම හා විවිධ මෙහෙයුම් පද්ධති සහිත පරිගණක කිහිපයක් අවශ්‍ය වීම. නමුත් මේ පරීක්ෂාව ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් විස්තර කරන්න හදන්නෙ.
මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ www.browsershots.org කියන වෙබ් අඩවියට ගිහින් “Enter URL Here: “කියන තැන ඔබේ වෙබ් අඩවියේ ලිපිනය type කරන්න. ඊට පසුව පහලින් ඇති වෙබ් බ්‍රව්සර් වලින් ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය ඒවා තෝරා ගන්න. ඔබට අවශ්‍ය නම් පරිගණක තිරයේ ප්‍රමාණය (screen size) , ෆ්ලෑෂ් ප්ලේයර් සංස්කරණය (Flash Player Version) ආදියද තෝරා ගන්න පුළුවන්. අවසානයට “Submit” බොත්තම ඔබන්න. එවිට ඔබේ වෙබ් අඩවිය ඔබ තෝරාගත් වෙබ් බ්‍රව්සර් වල දිස්වෙන ආකාරය දැක්වෙන ඡායාරූප (screenshots) දකින්නට ලැබේවි. නමුත් මේ සියලු ඡායාරූප (screenshots) ලබාගැනීමට ඔබට පැය කීපයක් බලාසිටින්න වේවි. ඒකට හේතුව තමයි මේ සේවාව සඳහා ඇති අධික ඉල්ලුම. ඉතින් මේ වැඩේට ටිකක් වෙලා ගතවෙන හින්දා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ඡායාරූප (screenshots) පෙන්වන URL එක bookmark කරගෙන පැයකින් විතර ආයෙත් ඇවිල්ල බලන එක. ඒවගේම ඔබ මේ වෙබ් අඩවියේ සේවාවන් නිතර ලබාගන්න බලාපොරොත්තු වෙනවනම් මෙහි ලියාපදිංචි වෙන්නත් අමතක කරන්න එපා.